හම්බන්තොට දිස්ත්‍රික්කයේ උග්‍ර ලෙස පවතින පානීය ජල ගැටළුවට තිරසාර විසඳුම් ලබාදීමේ අරමුණින් පසුගියදා සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.
ඒ ජාතික ජල සම්පාදන හා ජලප්‍රවාහන මණ්ඩලයේ හම්බන්තොට ප්‍රාදේශීය සහන සේවා මධ්‍යස්ථානයේදීයි.
මෙම සාකච්ඡාව නිවාස, ඉදිකිරීම් සහ ජල සම්පාදන අමාත්‍ය වෛද්‍ය සුසිල් රණසිංහගේ සහභාගීත්වයෙන් පවත්වා තිබෙනවා.
පානීය ජල සැපයුමේ වර්තමාන තත්ත්වය, පවතින අර්බුද සහ දැනට ක්‍රියාත්මක ව්‍යාපෘතිවල ජල ධාරිතාව ඉහළ නැංවීමේ හැකියාව වැනි කරුණු පිළිබඳව එහිදී වැඩි වශයෙන් අවධානය යොමු කර තිබෙන බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)
