15 January 2026

logo

කිරි තේ මිල පහළට



කිරිපිටි මිල අඩුවීමත් සමඟ කිරි තේ එකක මිල රුපියල් 10කින් අඩු කරන බව සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය පවසනවා.

එම සංගමය සඳහන් කළේ අඩු වූ කිරිපිටි මිලට සමගාමීව මෙම තීරණය ගත් බවයි.

ඒ අනුව හෙට (16) සිට මෙම අඩු කිරීම ක්‍රියාත්මක වන බව සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය සඳහන් කළා. 

(colombotimes.lk)