දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සඳහා මෙම වසර තුළ රුපියල් බිලියන 2402ක ආදායම් ඉලක්කයක් හිමිවී ඇති බව එහි කොමසාරිස් නන්දන කුමාර පවසනවා.
ඔහු කියා සිටියේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සහ රේගු දෙපාර්තමේන්තුව ඒකාබද්ධව විගණන කටයුතු සිදු කිරීම සඳහා මේ වන විට ගිවිසුමක් අත්සන් කර ඇති බවයි.
එමඟින් ලබාදී ඇති ඉලක්කය සම්පූර්ණ කරගැනීමට අපේක්ෂා කරන බව ඔහු ප්‍රකාශ කළා.
දේශීය ආදායම් කොමසාරිස් නන්දන කුමාර සඳහන් කළේ පසුගිය වසරේදී දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සඳහා රුපියල් බිලියන 2202ක ඉලක්කයක් හිමි වූ අතර එම ඉලක්කය පසු කරමින් රුපියල් බිලියන 2244ක ආදායමක් උපයා ගැනීමට හැකිවූ බවයි.
මේ අතර මිලියන 12ක පිරිසකට මේ වන විට TIN අංක නිකුත් කර ඇති බව ද දේශීය ආදායම් කොමසාරිස්වරයා එහිදී වැඩිදුරටත් සඳහන් කළා.
(colombotimes.lk)
