23 January 2026

logo

අස්වැසුම දීමනා රුපියල් ලක්ෂ 22ක් සොරාකයි



ප්‍රාදේශීය කාර්යාල නිලධාරිනියක් විසින් අස්වැසුම දීමනා රුපියල් ලක්ෂ 22කට ආසන්න මුදලක් වංචා කර තිබෙනවා. 

ඒ මැදවච්චිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සේවය කළ නිලධාරිනියක් විසින්. 

සුබසාධක ප්‍රතිලාභී මණ්ඩලයේ දත්ත පද්ධතියේ ඇති අඩු පාඩු උපයෝගී කර ගනිමින් අස්වැසුම දීමනාලාභීන්ට අයත් මුදල් මෙලෙස වංචා කර තිබෙන බව පරීක්ෂණ වලින් අනාවරණය වී තිබෙනවා.
 
මැදවච්චිය ප්‍රාදේශීය ලේකම් කසුන් සෙනවිරත්න සඳහන් කළේ මෙම නිලධාරිනිය විසින් මිය ගිය සහ වයෝවෘද්ධ පුද්ගලයන් ඉලක්ක කර ඔවුන්ගේ ගිණුම්ද උපයෝගි කර ගනිමින් 2023 වර්ෂයේ සිට මෙම වංචාව සිදු කර තිබෙන බවයි.
 
මෙලෙස වංචා කරන ලද මුදල් එම නිලධාරිනිය විසින් සිය පෞද්ගලික ගිණුම්වලට සහ හිත මිතුරන්ගේ මෙන්ම ඥාතීන්ගේ ගිණුම්වලද තැන්පත් කරගෙන ඇති බව මැදවච්චිය ප්‍රාදේශීය ලේකම්වරයා වැඩිදුරටත් ප්‍රකාශ කළා.

(colombotimes.lk)