ජාතික යොවුන් සේනාංකයේ පැය පදනම මත රාජකාරී සිදු කරන උපදේශකයන්ගේ වැටුප් සම්බන්ධ ගැටළුවට තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශය විසින් විසඳුම් ලබාදී තිබෙනවා.
2016 පටන් උපදේශකවරුන්ට ලබාදී තිබූ රුපියල් 2000ක දෛනික වැටුප මේ මාසයේ සිට රුපියල් 1500කින් ඉහළ දැමීමට රජය තීරණය කර ඇති බවයි වාර්තා වන්නේ.
ඒ අනුව රුපියල් 3500ක දීමනාවක් ඔවුන්ට ලබාදීමට නියමිතයි.
එමෙන්ම උපදේශකයන් සහ තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය දිනිඳු සමන් හෙන්නායක අතර හමුවක්ද ඊයේ (22) ජාතික යොවුන් සේනාංක මූලස්ථානයේ පවත්වා තිබෙනවා.
(colombotimes.lk)
