ග්‍රීන්ලන්තය පාලනය කිරීමට තමා කළ ඉල්ලීමට විරුද්ධ වන යුරෝපීය රටවලට තීරුබදු පැනවීමේ තර්ජනය '100%' ඉටු කරන බවට ඩොනල්ඩ් ට්‍රම්ප් සපථ කර තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඇමරිකාව විසින් ග්‍රීන්ලන්තයේ පාලනය ලබා ගැනීමට එරෙහිව බ්‍රිතාන්‍ය ඇතුළු යුරෝපීය රටවල් 7ක් මේ වන විට විරෝධය පළකර තිබෙන බවයි.
මේ අතර ග්‍රීන්ලන්තයේ අනාගතය එරට වැසියන් සහ ඩේන්වරුන් පමණක් තීරණය කළ යුතු බව එක්සත් රාජධානියේ විදේශ ලේකම්වරයා සඳහන් කළා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ ග්‍රීන්ලන්තයේ සෛවරීභාවයට ඇමරිකානු ජනාධිපතිවරයාට බලපෑම් කළ නොහැකි බව ඩෙන්මාර්ක විදේශ ලේකම්වරයා ප්‍රකාශ කර තිබෙන බවයි.
(colombotimes.lk)
