නුවරඑළිය ප්‍රදේශයේ රෝගීන් දැඩි අපහසුතාවයට පත් වී තිබෙනවා.
ඒ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් ඉල්ලීම් කිහිපයක් මුල් කරගෙන අද (23) ආරම්භ කළ සංකේත වැඩ වර්ජනය හේතුවෙන්.
ඔවුන් මෙම වැඩ වර්ජනය පිළිබඳව නොදැන නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහල වෙත පැමිණ තිබෙන බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)
