හිටපු අමාත්‍යාංශ ලේකම්වරයෙක් මෙන්ම අධ්‍යක්ෂ ජනරාල්වරයෙක් වූ අනූෂ පැල්පිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින්.
රුපියල් කෝටි හතරයි ලක්ෂ හැටක මුදලක් උපයාගත් ආකාරය හෙළි කිරීමට අපොහොසත්වීම හේතුවෙන් ඔහුව මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අල්ලස් කොමිසම සඳහන් කළේ අනූෂ පැල්පිට අද (23) අල්ලස් කොමිසම වෙත පැමිණ තිබෙන බවයි.
ඔහුගෙන් මූලික ප්‍රකාශ සටහන් කරගැනීමෙන් අනතුරුව මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙනවා.
(colombotimes.lk)
