ගෙවුණු දින 20 තුළ සැකකරුවන් 22,000 ප්‍රමාණයක් මත්ද්‍රව්‍ය සමඟ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය මඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ අනුව එම කාර්යාංශය සඳහන් කළේ හෙරොයින් ලඟ තබා ගැනීම සම්බන්ධයෙන් සැකකරුවන් 7745දෙනෙක් සහ අයිස් ළඟ තබා ගැනීම සම්බන්ධයෙන් පුද්ගලයින් 8303දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති බවයි.
එමෙන්ම අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 18ත් 25ත් අතර වයසේ පසුවන තරුණයින් වන බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)
