23 November 2025

logo

‘රටම එකට‘ ජාතික මෙහෙයුමෙන් පුද්ගලයින් 1,000කට අධික පිරිසක් අත්අඩංගුවට



විෂ මත්ද්‍රව්‍ය රටින් තුරන් කිරීමේ ‘රටම එකට‘ ජාතික මෙහෙයුම යටතේ දිවයින පුරා සිදුකළ වැටලීම්වලින් ඊයේ (22) පුද්ගලයින් 1,017දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ අත්අංගුවට ගත් සැකකරුවන් සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 319ක් , අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 01යි ග්‍රෑම් 585ක්, හෂීෂ් කිලෝග්‍රෑම් 2යි ග්‍රෑම් 586ක් සහ කොකේන් ඇතුළු විෂ මත්ද්‍රව්‍ය තොගයක් සොයාගත් බවයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අතරින් 21දෙනෙක් පිළිබඳව වැඩිදුර විමර්ශන සිදුකිරීම සඳහා රැඳවුම් නියෝග ලබාගෙන ඇති බවයි වාර්තා වන්නේ.

එමෙන්ම මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ බවට හඳුනාගත් සැකකරුවන් 29දෙනෙක්ද පුනරුත්ථාපනය සඳහා යොමු කිරීමට පියවර ගෙන ඇති බවද පොලීසිය වැඩිදුරටත් සඳහන් කළා.

(colombotimes.lk)