23 November 2025

logo

දිස්ත්‍රික්ක 14ක පවුල් 15,000ක් නායයෑමේ අධි අවධානම් කලාපවල



දිස්ත්‍රික්ක 14ක පවුල් 15,000ක් නායයෑමේ අධි අවධානම් කලාපවල සිටින බවට හඳුනාගෙන ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ නායයෑම් හා පර්යේෂණ අංශයේ අධ්‍යක්ෂ ගාමිණී ජයතිස්ස පවසනවා.

ඔහු සඳහන් කළේ මේ වන විට ඉන් 2,500ක් ආරක්‍ෂිත ස්ථාන කරා යොමුකර ඇති බවයි.

එමෙන්ම අනෙක් පිරිසද ආරක්‍ෂිත ස්ථාන කරා යොමු කිරීම කඩිනමින් සිදු කරන බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

(colombotimes.lk)