ප්‍රයිමෝර් රථයක් සහ ත්‍රීරෝද රථයක් එකිනෙක ගැටීමෙන් ඊයේ (23) රාත්‍රියේ මාරක අනතුරක් සිදුවී තිබෙනවා.
ඒ කොළඹ - හලාවත ප්‍රධාන මාර්ගයේ කොච්චිකඩේ නගර සීමාවේදීයි.
එම අනතුරෙන් ත්‍රීරෝද රථයේ රියදුරු එම ස්ථානයේදීම මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.
මියගිය පුද්ගලයා වයස අවුරුදු 54ක් වන කොච්චිකඩේ මානවේරිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
කොච්චිකඩේ පොලීසිය සඳහන් කළේ අදාළ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රයිමෝර් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති බවයි.
(colombotimes.lk)
