17 October 2025

logo

ප්‍රබල අපරාධකරුවන්ගේ සිරමැදිරිවල තිබී හමු වූ දේ



ප්‍රබල අපරාධකරුවන් රඳවා සිටින බූස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරයේ A, C සහ D වාට්ටුවල තිබී ජංගම දුරකථන 29ක් සොයාගෙන තිබෙනවා. 

බන්ධනාගාර බුද්ධි හා උපක්‍රමික බලකාය හා පොලිස් විශේෂ කාර්ය බලකාය ඒකාබද්ධව අද (09) සිදු කළ පරීක්ෂා කිරීමකදී මෙම ජංගම දුරකථන හමුවී තිබෙන බවයි වාර්තා වන්නේ.

බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ජගත් වීරසිංහ සඳහන් කළේ අදාළ දුරකථන සොයාගත් වාට්ටුවල ප්‍රබල අපරාධකරුවන් රඳවා සිටින බවයි.

එමෙන්ම මරණ දඬුවම නියමව සිටින 'දෙමටගොඩ චමින්ද' රඳවා සිටින සිරමැදිරියේ තිබී ද ජංගම දුරකථනයක් සොයාගෙන තිබෙනවා.
 
බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේ මහපරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් වන 'වෙලේ සුදාගේ' සිරමැදිරියේ හා 'මිදිගම රුවන්ගේ' සිරමැදිරියේ තිබී ජංගම දුරකථන හමු වූ බවයි. 

(colombotimes.lk)