20 June 2025


සුපිරි වෙළෙදසැල් ජාලයක ශාඛා 03කට දඩ



කල් ඉකුත් වූ භාණ්ඩ අලෙවි කළ ප්‍රධාන සුපිරි වෙළෙදසැල් ජාලයක ශාඛා 03කට රුපියල් ලක්ෂ 02 බැගින් දඩ නියම කර තිබෙනවා. 

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සඳහන් කළේ එම වෙළදසැල් ජාලයට කල් ඉකුත් වූ භාණ්ඩ අලෙවි කිරීම සම්බන්ධව අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු පැවරූ බවයි.

එහිදී ඊට වරද පිළිගත් අදාළ වෙළෙදසැල් ශාඛාවලට රුපියල් ලක්ෂ දෙක බැගින් රුපියල් ලක්ෂ 06ක දඩ මුදලක් අධිකරණය මඟින් නියම කර තිබෙනවා. 

(colombotimes.lk)