මෙරට බන්ධනාගාරවලින් නිදහස් කළ ඉන්දීය ධීවරයන් 30දෙනෙක් චෙන්නායි වෙත ළඟා වී තිබෙනවා.
එම ධීවරයන් ඊයේ (02) මෙලෙස ඉන්දියාව බලා පිටත් වී තිබෙන බවයි වාර්තා වන්නේ.
එම ධීවරයන් මෙරට මුහුදු සීමාවට අනවසරයෙන් ඇතුළු වී ධීවර කටයුතුවල නිරත වී සිටියදී ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පසුව ඔවුන් අධිකරණයට ඉදිරිපත් කර බන්ධනාගාරගත කළ අතර රාජ්‍ය තාන්ත්‍රික මැදිහත්වීමෙන් අනතුරුව ඔවුන්ව ඉන්දීය බලධාරීන් විසින් නිදහස් කර සිය රට වෙත ගෙන්වා තිබෙන බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)
