මෙක්සිකෝවට බලපා තිබෙන අධික වර්ෂාපතනයත් සමඟ ඇති වූ ආපදා හේතුවෙන් පුද්ගලයින් 30දෙනෙක් මියගොස් තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඒ හේතුවෙන් තවත් පිරිසක් අතුරුදන් වී ඇති බවයි.
මේ හේතුවෙන් එරට නිවාස 1000කට මෙන්ම පාසල් සිය ගණනකටද බලපෑම් එල්ල වී තිබෙනවා.
එරට ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කළේ බලපෑමට ලක් වූ ප්‍රදේශ නිරීක්ෂණය කිරීම, පුද්ගලයන් ගලවා ගැනීමේ මෙහෙයුම් ආදිය සඳහා සහන සේවක සේවකයන් 400කට අධික පිරිසක් යොදවා ඇති බවයි.
(colombotimes.lk)