20 January 2026

logo

පළමු පාසල් වාරයේ පළමු අදියර හෙටින් ඇරඹෙයි



රජයේ පාසල් හෙට (21) සිට යළි ආරම්භ වන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා.

ඒ අනුව පළමු පාසල් වාරයේ පළමු අදියර හෙට (21) සිට පෙබරවාරි මස 13වනදා දක්වා පැවැත්වීමට නියමිතයි.

එමෙන්ම පෙබරවාරි මස 14වනදා සිට මාර්තු මස 2වනදා දක්වා, සිසුන්ට නිවාඩු හිමිවන බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළා.

ඒ අනුව පළමු පාසල් වාරයේ දෙවන අදියර මාර්තු මස 3වනදා සිට අප්‍රේල් මස 10වනදා දක්වා පැවැත්වීමට නියමිතයි.

(colombotimes.lk)