නීතිවිරෝධී ලෙස උපයාගෙන ඇති බවට සැක කරන රුපියල් 283,300,000ක මුදලක් සහ වාහන 02ක් සමඟ සැකකරුවෙක් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.
නීතිවිරෝධි වත්කම් විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් විසින් ඊයේ (19) සිදු කළ විශේෂ වැටලීමකදී මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබෙන බවයි වාර්තා වන්නේ.
වයස අවුරුදු 40ක් වන ඉබ්බාගමුව ප්‍රදේශයේ පදිංචිකරුවෙක් මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙනවා.
විදෙස්ගතව සැඟව සිටින බවට සැක කරන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් සමඟ මෙම සැකකරු දුරකථන මඟින් සම්බන්ධතා පවත්වමින්, එම ජාවාරම්කරුගේ උපදෙස් අනුව මෙරට සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගෙන් මෙම මුදල් එකතු කර ඇති බවට මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබෙන බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)
