නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායමට එරෙහිව වැඩිම එක්දින ශතක ලබාගත් ක්‍රීඩකයා ලෙස වාර්තා අතරට එක්වීමට ඉන්දීය ක්‍රීඩක විරාත් කෝලි සමත් වී තිබෙනවා.
ඒ නවසීලන්ත කණ්ඩායමට එරෙහිව පසුගියදා පැවති එක්දින තරගයේදී ශතකයක් වාර්තා කිරීමත් සමඟයි.
එම ශතකයද සමඟින් කෝලි නවසීලන්තයට එරෙහිව වාර්තා කර තිබෙන ශතක සංඛ්‍යාව 7ක්.
මීට පෙර ඕස්ට්‍රේලියාවේ රිකී පොන්ටින් ශතක 6ක් රැස් කරමින් නවසීලන්තයට එරෙහිව වැඩිම ශතක රැස් කළ ක්‍රීඩකයාගේ වාර්තාව තමන් සතු කරගෙන සිටියා.
(colombotimes.lk)
