20 January 2026

logo

ලංගම බස් රථ රියදුරෙක්ට බරපතළ වැඩ සහිත සිර දඬුවම්



කැබිතිගොල්ලෑව ඩිපෝවේ බස් රථ රියදුරෙක්ට අධිකරණය විසින් බරපතළ වැඩ සහිත වසරක සිරදඬුවමක් නියම කර තිබෙනවා.

ඒ ධාවනයට නුසුදුසු ලංගම බස් රථයක් පටු මාර්ගයක ධාවනය කර පුද්ගලයෙක් මරණයට පත්කිරීමේ චෝදනාවක් සම්බන්ධයෙන්. 

ඊට අමතරව රුපියල් 15,000ක දඩ මුදලක් හා මරණකරුගේ පාර්ශවයට මුදලින් රුපියල් ලක්ෂ 05ක වන්දියක් ගෙවන ලෙස ද කැබිතිගොල්ලෑව මහේස්ත්‍රාත් අධිකරණය විසින් විත්තිකාර රියදුරාට නියම කර තිබෙනවා. 

2017 වසරේ ජූලි මස 8වනදා ධාවනයට නුසුදුසු ලංගම බස් රථයක් පටු මාර්ගයක අපරික්ෂාකාරි ලෙස ධාවනය කර පුද්ගලයෙක් මරණයට පත් කර සාවද්‍ය නොවන මනුෂ්‍ය ඝාතනයක් සිදු කිරීම සම්බන්ධයෙන් චෝදනා 05ක් යටතේ අදාළ ලංගම රියදුරාට එරෙහිව නඩු පවරා තිබෙන බවයි සඳහන් වන්නේ. 

(colombotimes.lk)