ආනයනික මැණික් සඳහා අය කළ විශේෂ සේවා ගාස්තුව අඩු කිරීමට මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය තීරණය කර තිබෙනවා.
එම අධිකාරියේ සභාපති එස්. පී. චමින්ද සඳහන් කළේ ශ්‍රී ලංකා රේගුව විසින් කඩිනම් නිශ්කාශන ගාස්තුවක් ලෙස අය කරන ලද ආනයනික මැණික් පාර්සලයකට ඇමරිකානු ඩොලර් 200ක විශේෂ සේවා ගාස්තුව 2026 ජනවාරි 01වනදා සිට ක්‍රියාත්මක වන පරිදි ඉවත් කර ඇති බවයි.
මැණික් හා ස්වර්ණාභරණ ක්ෂේත්‍රයට අදාළ කරුණු සම්බන්ධයෙන් ඊයේ (19) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති විශේෂ මාධ්‍ය හමුවකදී ඔහු මේ බව ප්‍රකාශ කළා.
එමෙන්ම ඔහු කියා සිටියේ මැණික් ආනයනය කිරීමේදී පනවන VAT සහ SSCL අගයන් තක්සේරු කරන ක්‍රමය වෙනස් කර ආනයනය කරන පුද්ගලයන්ට සහනයක් ලබාදීමට කටයුතු කර තිබෙන බවයි.
2023, 2024 සහ 2025 කාලවලදී මැණික් ආනයනය ඉතා අඩු මට්ටමක පැවතීම හේතුවෙන් අපනයනයට ද විශාල බලපෑමක් සිදු වූ බව ඔහු වැඩිදුරටත් කියා සිටියා.
(colombotimes.lk)
