රේගු වෘත්තීය සමිති සන්ධානය වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරතවීමට තීරණය කර තිබෙනවා.
ඒ වසර 6ක් තිස්සේ ප්‍රමාද කර ඇති රේගු නිලධාරීන්ගේ උසස්වීම් ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින්.
සිය ගැටලු සම්බන්ධයෙන් අවස්ථා ගණනාවකදී බලධාරීන් දැනුවත් කළ ද ඊට නිශ්චිත විසඳුම් ලබාදීමට මෙතෙක් කටයුතු කර නොමැති බව ද රේගු වෘත්තීය සමිති සන්ධානය පවසනවා.
එම නිසා අද (24) සිට දිවයින පුරා සියලු රේගු කාර්යාලවල කළුපටි පැළඳ රාජකාරී කටයුතුවල නිරත වීමට රේගු නිලධාරීන් තීරණය කර තිබෙන බවයි වාර්තා වන්නේ.
කෙසේවෙතත් මෙම ගැටලුව සම්බන්ධයෙන් එළඹෙන 26වනදා මුදල් අමාත්‍යාංශය රාජ්‍ය සේවා කොමිශන් සභාව ඇතුළු පාර්ශව කිහිපයක් සමඟ විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට ද නියමිතව තිබෙනවා.
(colombotimes.lk)
