24 February 2026

logo

රේගු වෘත්තීය සමිති සන්ධානය දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගයකට සැරසෙයි



රේගු වෘත්තීය සමිති සන්ධානය දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වීමට තීරණය කර තිබෙනවා. 

එම සංගමය සඳහන් කළේ වසර 6ක් පුරා ප්‍රමාද කර ඇති රේගු නිලධාරීන්ගේ උසස්වීම් හා වැටුප් මෙන්ම තවත් ගැටලු කිහිපයක් සම්බන්ධයෙන් වහාම ලිඛිත, සාධාරණ විසඳුම් ලබා නොදෙන්නේ නම් අකමැත්තෙන් වුවද දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළඹෙන බවයි.   

වසර 6ක් පුරා අසාධාරණව අහිමි කළ අයිතිවාසිකම් ආරක්ෂා කරගැනීමට අවශ්‍ය සියලුම වෘත්තීය ක්‍රියාමාර්ග ගැනීමට සූදානම් බව නිවේදනයක් නිකුත් කරමින් එම සන්ධානය සඳහන් කළා. 

රේගු වෘත්තීය සමිති සන්ධානයෙන් මේ පිළිබඳව නිකුත් කළ නිවේදනය පහතින්, 



(colombotimes.lk)