මිනුවන්ගොඩ සිට සේරුවාවිල ප්‍රදේශයේ පිහිටි විහාරස්ථානයක් වැදපුදා ගැනීම සඳහා වන්දනාකරුවන් රැගෙන ගිය බස් රථයක් සහ ලොරි රථයක් ගැටීමෙන් අද (01) අනතුරක් සිදු වී තිබෙනවා.
ඒ මුතූර් ප්‍රදේශයේදී බවයි වාර්තා වන්නේ.
එම අනතුරෙන් පුද්ගලයන් 33 දෙනෙක් රෝහල් ගත කර තිබෙනවා.
තුවලකරුවන් 33 දෙනාගෙන් 18 දෙනෙක් කාන්තාවන් බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)