01 March 2025


හෙරොයින් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට



හෙරොයින් ග්‍රෑම් 06 මිලිග්‍රෑම් 400ක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙක් ඊයේ (28) කොටහේන පොලිස් වසමේ බිසීසී පාලම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ කොටහේන පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමකට ලද තොරතුරකට අනුව සිදු කළ වැටලීමක් අතරතුරදීයි.

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 28ක් වන කොළඹ 14 ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

(colombotimes.lk)