හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් විදේශගතවීම වළක්වාලමින් විදෙස් ගමන් තහනමක් පනවා තිබෙනවා.
ඒ මාතර මහෙස්ත්‍රාත් අධිකරණය විසින්.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අධිකරණයෙන් කළ ඉල්ලීමකට අනුව මෙම නියෝගය නිකුත් කර ඇති බවයි වාර්තා වන්නේ.
2023 දෙසැම්බර් 31වනදා මාතර, වැලිගම පැලෑන ප්‍රදේශයේ W 15 හෝටලය ඉදිරිපිට සිදුවූ වෙඩි තැබීමේ සිදුවීමට අදාළව දේශබන්දු තෙන්නකෝන් ඇතුළු 08දෙනෙක් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ඊයේ (28) වරෙන්තු නිකුත් කළා.
ඒ අනුව විමර්ශන නිලධාරීන් දේශබන්දු තෙන්නකෝන් සොයා ඔහුගේ හෝකන්දර නිවස සහ ගිරිඋල්ල නිවස පරික්ෂා කළද ඔහු එම නිවාසවල රැඳී සිටි වාර්තා වන්නේ.
(colombotimes.lk)