20 December 2025

logo

අනවසර විදුලි රැහැනක ගැටී තරුණයෙක් ජීවිතක්ෂයට



දෙහිඅත්තකණ්ඩිය, උත්තලපුර ප්‍රදේශයේ අනවසරයෙන් අදින ලද විදුලි රැහැනක ගැටී පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. 

පොලීසිය සඳහන් කළේ ඊයේ (19) අලුයම වනසතුන් දඩයම් කිරීම සඳහා අනවසරෙන් අදින ලද විදුලි රැහැනක මෙම පුද්ගලයා ගැටී ඇති අතර රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් තිබෙන බවයි.
 
වයස අවුරුදු 25ක් වූ ගලෙන්බිඳුනුවැව ප්‍රදේශයේ පදිංචිකරුවෙක් මෙලෙස ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. 

(colombotimes.lk)