02 July 2025

logo

උතුරෙන් දකුණට ගංජා බෙදූ ජාවාරම්කරුවන් 4ක් අත්අඩංගුවට



යාපනයේ සිට දිවයිනේ දකුණු ප්‍රදේශවලට ගංජා අලෙවි කිරීමට ප්‍රවාහනය කරමින් සිටියදී කේරල ගංජා කිලෝ 8ක් සමඟින් පුද්ගලයින් සිව් දෙනෙකු කන්කසන්තුරයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, යුද හමුදා බුද්ධි අංශ වෙත ලද තොරතුරු මත යාපනය පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශ නිලධාරීන් සමඟ සිදු කරන ලද ඒකාබද්ධ වැටලීමකදීයි.

අත්අඩංගුවට ගත් භාණ්ඩ අතර ජාවාරම් සිදු කිරීම සඳහා යොදාගත් යතුරු පැදි 03ක් වන බවද සඳහන්.
(colombotimes.lk)