13 July 2025

logo

වාහන 44ක් තාවකාලිකව ධාවනයෙන් ඉවතට



හැටන් - මහනුවර ප්‍රධාන මාර්ගයේ ඊයේ (19) ධාවනය වූ ලංගම හා පෞද්ගලික බස් රථ ඇතුළු වාහන 44ක් තාවකාලිකව ධාවනයෙන් ඉවත් කිරිමට මෝටර් රථ දෙපාර්තමේන්තුවේ පරීක්ෂණ නිලධාරීන් කටයුතු කර තිබෙනවා. 

බගතොලුව ප්‍රදේශයේදී මෙම වාහන පරීක්ෂාව සිදු කර තිබෙන බවයි වාර්තා වන්නේ.

එහිදී වාහන 115ක් හදිසි පරීක්ෂාවට ලක්කර තිබෙනවා. 

ගුණාත්මක සහ ආරක්ෂිත ප්‍රවාහන සේවයක් පවත්වාගෙන යාම සහ රිය අනතුරු අවම කිරිමේ අරමුණින් සිදු කළ මෙම පරීක්ෂාවේදී අධික ලෙස වායු විමෝචනය තිබූ වාහන, අඩුපාඩු සහිතව ධාවනයට නුසුදුසු තත්ත්වයේ තිබූ වාහන මෙලෙස ධාවනයෙන් තාවකාලිකව ඉවත්කර තිබෙන බවයි වාර්තා වන්නේ. 

මෙලෙස තාවකාලිකව ධාවනය තහනම් කළ වාහන අතර ලංගම සහ පෞද්ගලික බස් රථ 15ක් ඇතුළත්.



(colombotimes.lk)