30 April 2026

logo

ලැව් ගිනි හේතුවෙන් චිලී වැසියන් 46ක් මිය යයි



දකුණු ඇමරිකානු රාජ්‍යයක් වන චිලී රාජ්‍යයේ ඇති වී තිබෙන ලැව්ගිනි හේතුවෙන් 46 දෙනෙකු මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

වෙරළාසන්න සංචාරක නගරයක් වන විනා ඩෙල් මා හි පදිංචිකරුවන් 200 කට අධික පිරිසක් ද අතුරුදහන් වී ඇති බවයි බලධාරීන් ප්‍රකාශ කර ඇත්තේ.

මේ වනවිටත් රට පුරා හෙක්ටයාර් 43,000 කට වැඩි ප්‍රමාණයක් ලැව්ගිනිවලින් විනාශ වී තිබෙනවා.

පවතින අධික උෂ්ණත්වය සහ තද සුළං හේතුවෙන් ලැව්ගිනි පැතිර යමින් පවතින බව විදෙස් වාර්තා සඳහන් කළා.
(colombotimes.lk)