මෙම මාසයේ මුල් දින 09 තුළදී විදෙස් සංචාරකයන් 46,868දෙනෙක් දිවයිනට පැමිණ තිබෙනවා.
සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය සඳහන් කළේ ඉන් වැඩිම පිරිසක් ඉන්දියාවෙන් පැමිණ ඇති බවයි.
ඒ අනුව ඉන්දියාවෙන් සංචාරකයන් 14,221දෙනෙක් මෙරටට පැමිණ තිබෙනවා.
මීට අමතරව චීනය, එක්සත් රාජධානිය, ජර්මනිය, බංගලාදේශය සහ ඕස්ට්‍රේලියාව ආදී රටවල් රැසකින් ද එම කාලය තුළදී සංචාරකයන් පැමිණ තිබෙන බවයි සඳහන් වන්නේ.
ඒ අනුව වසරේ මේ දක්වා කාලය තුළ මෙරටට සංචාරකයන් 1,772,362දෙනෙක් පැමිණ තිබෙනවා.
(colombotimes.lk)