12 October 2025

logo

යුද හමුදාවේ බ්‍රිගේඩියර්වරුන් 05කට උසස්වීම්



76වන යුද්ධ හමුදා දිනයට සමගාමීව බ්‍රිගේඩියර්වරුන් 05දෙනෙක් මේජර් ජෙනරාල් නිලයට උසස් කර තිබෙනවා. 

ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා‍ හා යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ලසන්ත රොද්‍රිගෝ විසින් මෙම නිර්දේශ ලබාදී තිබෙන බවයි වාර්තා වන්නේ. 

ඒ අනුව ක්‍රියාන්විතයේදී තුවාල ලබා රණක්‍ෂිතයට පත් බ්‍රිගේඩියර්වරුන් 05දෙනෙක්ගේ සේවය අගයමින් සන්නද්ධ හමුදා සේනාධිනායක ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් ඔවුන් මේජර් ජෙනරාල් නිලයට නිල උසස් කිරීම් සිදු කළ බව ශ්‍රී ලංකා යුද හමුදාව සඳහන් කළා. 



(colombotimes.lk)