මේ වසරේ පළමු දින දෙක තුළ දිවයින පුරා ඩෙංගු රෝගීන් 581ක් වාර්තා වී තිබෙනවා.
ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ ප්‍රශිලා සමරවීර සඳහන් කළේ ඉන් වැඩිම රෝගීන් සංඛ්‍යාවක් බස්නාහිර පළාතෙන් වාර්තා වන බවයි.
එමෙන්ම පසුගිය දිනවල පැවති වැසි සහිත කාලගුණයත් සමඟ ඩෙංගු රෝගීන් වාර්තා වීම ඉහළ ගොස් ඇති බවද ඇය වැඩිදුරටත් සඳහන් කළා.
(colombotimes.lk)
