26 February 2026

logo

සුරේෂ් සලේට පැය 72ක රැඳවුම් නියෝග



පාස්කු ප්‍රහාරයට සම්බන්ධව සිදු කරන විමර්ශනයකට අදාළව අත්අඩංගුවට ගත් හිටපු රාජ්‍ය බුද්ධි ප්‍රධානී විශ්‍රාමික මේජර් ජෙනරල් සුරේෂ් සලේට පැය 72ක රැඳවුම් නියෝග නිකුත්කර තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරි එෆ්. යූ වුට්ලර් සඳහන් කළේ පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සිදු කෙරෙන ඉදිරි විමර්ශනවලට අදාළව ඔහුව පෑලියගොඩ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බවයි.

සුරේෂ් සලේ, යුද්ධය පැවති සමයේදී රාජ්‍ය බුද්ධි ප්‍රධානී ලෙස කටයුතු කළ අතර 2019 වසරේ අප්‍රේල් 21වනදා පාස්කු බෝම්බ ප්‍රහාර මාලාව එල්ල වන විට මැලේසියාවේ තානාපති කාර්යාල නිලධාරිවරයෙක් ලෙස කටයුතු කර තිබෙනවා. 

(colombotimes.lk)