මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ චෝදනා ලබා සිටි ඩේසි ෆොරස්ට් එම නඩුවෙන් නිදහස් කරන ලෙස කොලඹ මහාධිකරණය අද (25) නියෝග කර තිබෙනවා.
විත්තිකාර ඩේසී ෆොරස්ට් හට නඩු විභාගයකට මුහුණදීමට සුදුසු මානසික තත්ත්වයක් තිබෙනවාද? යන්න පිළිබඳව කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා මඟින් කැඳවා තිබූ විශේෂ මානසික වෛද්‍ය වාර්තාව අද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ජනක බණ්ඩාර විසින් අධිකරණයට ඉදිරිපත් කර තිබෙන බවයි වාර්තා වන්නේ.
එහිදී විත්තිකාරියට නඩු විභාගයකට මුහුණදීමට සුදුසු මානසික තත්ත්වයක් නොමැති බවට වෛද්‍ය නිර්දේශයේ නිකුත් කර තිබෙන බව ඔහු ප්‍රකාශ කළා.
ඒ අනුව අදාළ කරුණු සලකා බැලූ විනිසුරුවරයා ඩේසි ෆොරස්ට්ට එරෙහිව තිබූ අධිචෝදනාවලින් ඇය නිදහස් කිරීමට නියෝග කර තිබෙනවා.
(colombotimes.lk)
