පසුගිය දින කිහිපය තුළ පැවති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් දිවයිනේ දිස්ත්‍රික්ක 18කට බලපෑම් එල්ල වී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා.
එම මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි සඳහන් කළේ එහිදී පවුල් 7,395කට අයත් පුද්ගලයින් 29,414දෙනෙක් පීඩාවට පත්ව ඇති බවයි.
එමෙන්ම දිස්ත්‍රික්ක 11කට නිකුත් කර ඇති නායයෑම් අනතුරු ඇගවීමේ නිවේදනයද තවදුරටත් දීර්ඝ කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ ජ්‍යෙෂ්ඨ භූ විද්‍යාඥ ආචාර්ය වසන්ත සේනාධීර පවසනවා.
මේ අතර මේ දක්වා ලැබුණු වර්ෂාපතනය හේතුවෙන් නිල්වලා ගඟ, ගිං ගඟ, කළු ගඟ සහ අත්තනගලු ඕයේ ජල මට්ටම් ඉහළ මට්ටමක පවතින බවද වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළා.
(colombotimes.lk)
