26 October 2025

logo

මැදවච්චියේ කනදරා ඔයෙන් උණ්ඩ තොගයක් හමුවෙයි



ටී 56 වර්ගයේ ජීව පතරොම් 41ක් සහ පතොරම් ගැබ් දෙකක් මැදවච්චිය වහමල්ගොල්ලෑව ප්‍රදේශයේ කනදරා ඔයෙහි තිබී සොයාගෙන තිබෙනවා.

ඒ මැදවච්චිය පොලීසියට ලද තොරතුරකට අනුව සිදුකළ සෝදීසි මෙහෙයුමකදීයි.

මේ සම්බන්ධයෙන් මැදවච්චිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරන බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)