20 June 2025


චීන ජාතික රැඳවියන් 85ක් පිටුවහල් කරයි



මෙරට රැදී සිටිමින් පරිගණක ඇතුළු විවිධ අපරාධවලට වරදකරුවන් වූ චීන ජාතික රැඳවියන් 85දෙනෙක් අද (20) අලුයම පිටුවහල් කර තිබෙනවා. 
 
මොවුන් මෙරට අධිකරණය මඟින් වැරදිකරුවන් කිරීමෙන් අනතුරුව බන්ධනාගාර ගත කර සිටි අතර පසුව පිටුවහල් කිරීමේ තීරණය මත වැළිසර පිහිටි ආගමන විගමන දෙපාර්තමේන්තුවේ රැදවුම් මධ්‍යස්ථානය වෙත මාරු කර එවා තිබුණා. 
 
බස් රථ 05කින් මෙම චීන ජාතිකයන් පිරිස කටුනායක ගුවන්තොටුපොළ වෙත රැගෙන විත් තිබූ අතර ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන්යානයකින් අද අලුයම චීනයේ ග්වැන්ෂෝ බලා පිටුවහල් කළ බවයි වාර්තා වන්නේ. 

මෙම පිරිස සමඟ මෙරට පොලිස් නිලධාරීන් 85දෙනෙක් ඇතුළු ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන්, ශ්‍රී ලන්කන් ගුවන් සේවා ආරක්ෂක නිලධාරීන් 172 මෙම ගුවන්යානයේ ගමන් කර තිබෙනවා.

(colombotimes.lk)