Meta සමාගම විසින් අලුතින් හඳුන්වා දුන් Threads යෙදවුමේ පරිශීලකයින් මිලියනයක් ඉක්මවා ගිය පළමු පුද්ගලයා බවට පත් වෙමින් ඇමරිකානු YouTuber “MrBeast” ගිනස් වාර්තාවක් බිඳ දැමීමට සමත් වී තිබෙනවා.
ඒ අනුව ඔහුගේ Threads ගිණුම සඳහා මිලියන 3ක පමණ පිරිසක් එක්ව තිබෙන බවයි වාර්තා වන්නේ.
එමෙන්ම එම සංඛ්‍යාව තවදුරටත් වර්ධනය වෙමින් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.
Threads යෙදවුම සඳහා මේ වන විට මිලියන 30කට අධික පිරිසක් ලියාපදිංචි වී තිබෙනවා.
(colombotimes.lk)