අත්අඩංගුවට ගත් බෙලිඅත්ත ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති සිරිල් මුණසිංහව ඇප මත නිදහස් කර තිබෙනවා.
සැකකාර හිටපු සභාපතිවරයාව අද (22) හම්බන්තොට දිසා මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත මුදා හැරීමට නියෝග කර තිබෙන බවයි වාර්තා වන්නේ.
එහිදී ඔහුට රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියෝග කර තිබෙනවා.
ඔහුව ඊයේ (21) රාත්‍රියේ මත්තල ප්‍රදේශයේදී ගිනි අවියක් සමඟ අත්අඩංගුවට ගෙන තිබෙන බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)