23 February 2025


ගණේමුල්ල සංජීව ඝාතනයට සම්බන්ධ තවත් දෙන්නෙක් කොටුවෙයි



ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධියට සම්බන්ධ තවත් සැකකරුවන් දෙදෙනෙක් කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
 
ඉන් එක් සැකකරුවෙක් වෙඩි ප්‍රහාර එල්ල කළ සැකකරුව කඩුවෙල සිට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය දක්වා ප්‍රවාහනය කළ රියදුරු බව කියන දොන් ජනක උදය කුමාර නැමති පුද්ගලයෙක් බවයි වාර්තා වන්නේ.
 
අනෙක් සැකකරු හසිත රොෂාන් නම් අතුරුගිරිය පොලීසියේ පොලිස් කොස්තාපල්වරයක් බව අනාවරණය වී තිබෙනවා.

මෙම සැකකරුවන් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට අද (22) ඉදිරිපත් කර තිබෙන බවයි වාර්තා වන්නේ.

එහිදී ඔවුන් මාර්තු 7වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියම කර තිබෙනවා.

මෙම ඝාතන සිද්ධියට අදාළව සිදු කරන ලද විමර්ශන පිළිබඳ වාර්තාවක්ද අද (22) පොලීසිය විසින් අධිකරණයට ඉදිරිපත් කර තිබෙන බවයි වාර්තා වන්නේ.

ඒ අනුව මෙම ඝාතනය සම්බන්ධයෙන් මේ වන විට පුද්ගලයන් 5දෙනෙක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

(colombotimes.lk)