පොලිතීන් හා ප්ලාස්ටික් මඟින් පරිසරයට සිදුවන හානිය වැළැක්වීමේ අරමුණෙන් මධ්‍යම පරිසර අධිකාරිය නව වැඩපිළිවෙළක් දියත් කර තිබෙනවා.
ඒ 'Clean Sri Lanka” වැඩසටහන එක්ව බවයි වාර්තා වන්නේ.
පොලිතීන් හා ප්ලාස්ටික් අනිසි ලෙස භාවිතය මඟින් සිදුවන ව්‍යසන තත්ත්වයන් පිළිබඳව නිෂ්පාදකයන්, වෙළෙඳසැල් හිමියන්, වෙළෙඳ කාර්ය මණ්ඩල සහ පාරිභෝගික ජනතාව දැනුවත් කිරීමේ කටයුතු මේ වන විට ආරම්භ කර තිබෙනවා.
පරිසර අධිකාරිය මඟින් පරිසර පොලිස් ඒකකය සහ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සමඟ ඒකාබද්ධව කොළඹ, පිටකොටුව ප්‍රදේශයේදී පසුගියදා මෙම කටයුතු ආරම්භ කර තිබෙන බවයි වාර්තා වන්නේ.
එහිදී වෙළෙඳසැල් 45ක සිදු කළ වැටලීම්වලින් කිලෝග්‍රෑම් 860ක පමණ ප්‍රමාණයක නීති විරෝධී පොලිතීන් ලන්ච් ෂීට් තොගයක්ද අත්අඩංගුවට ගෙන තිබෙනවා.
(colombotimes.lk)