06 July 2025

logo

ක්‍රිෂ් ගොඩනැගිල්ලේ යකඩ කැබැල්ලක් වැටීමෙන් මෝටර් රථයකට හානි



කොළඹ - කොටුව පැරණි පොලිස් ස්ථානයේ පිහිටා තිබූ භූමියෙහි ස්ථාපිත අතරමග ඉදිකිරීම් නවතා ඇති ක්‍රිෂ් ගොඩනැගිල්ලේ යකඩ කැබලි කිහිපයක් පතිත වීම හේතුවෙන් ඒ අසල නවතා තිබූ මෝටර් රථයකට දැඩි අලාභහානි සිදුවී තිබෙනවා.

මහල් 55කින් යුත් මෙම ගොඩනැගිල්ල අනාරක්ෂිත බවට අවස්ථා කිහිපයකදී වාර්තා වුණා.

අධිකරණය විසින් ලබාදී ඇති නඩු තීන්දුවක් හේතුවෙන් මෙහි ඉදිකිරීම් මේ වන විට නවතා තිබෙන බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)