ලොව මිල අධිකම දේපල වෙළඳපොළ තිබෙන නගරයක් ලෙස හොංකොං නගරය හැඳින්වෙනවා.
එහි ජීවත් වන පුද්ගලයකුට වඩා මිය ගිය තැනැත්තකුට ඉඩ ප්‍රමාණයක් සොයා ගැනීම මිල අධික කටයුත්තක් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
හොංකොං නගරයේ පවුලේ සාමාජිකයන් අට දෙනකුගේ භෂ්මාවශේෂ තැන්පත් කළ හැකි ඉඩ ප්‍රමාණයක් ඇමෙරිකානු ඩොලර් 430000 ක් (ආසන්න වශයෙන් ශ්‍රී ලංකා රුපියල් කෝටි 130 ක් ) පමණ වන බව සඳහන්.
හොංකොං නගරයේ මියගිය තැනැත්තෙකුගේ භෂ්මාවශේෂ තැන්පත් කිරීම සඳහා සපත්තු පෙට්ටියක ප්‍රමාණයක ඉඩක් මිලදී ගැනීමට ඇමෙරිකානු ඩොලර් 53000 ක මුදලක් (ආසන්න වශයෙන් ශ්‍රී ලංකා රුපියල් එක් කෝටි හැට ලක්ෂයක් පමණ)වැය කිරීමට සිදුවන බවයි වාර්තා වන්නේ.
එමෙන්ම දෙදෙනෙකුගේ භෂ්මාවශේෂ තැන්පත් කළ හැකි ඉඩ ප්‍රමාණයක් ඇමෙරිකානු ඩොලර් 76000 (ආසන්න වශයෙන් ශ්‍රී ලංකා රුපියල් දෙකෝටි තිස් ලක්ෂයක්) පමණ වන බව විදෙස් මාධ්‍ය පෙන්වා දෙනවා.
(colombotimes.lk)