06 February 2026

logo

දිවයින පුරා පැහැබර කාලගුණික තත්ත්වයක්



මධ්‍යම, වයඹ, උතුරු මැද සහ ඌව පළාත්වලට අද (04) සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා.

දිවයිනේ සෙසු ප්‍රදේශවලට වැසි රහිත කාලගුණයක් පවතින බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ නිවේදනයේ සඳහන්.

එමෙන්ම බොහෝ ප්‍රදේශවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළා.

(colombotimes.lk)