06 February 2026

logo

ඉන්දීය යුද නෞකාවක් දිවයිනට



ඉන්දීය නාවික හමුදාවට අයත් යුද නෞකාවක් කොළඹ වරායට පැමිණ තිබෙනවා.

නාවික හමුදා මාධ්‍ය ඒකකය සඳහන් කළේ මීටර් 124ක් පමණ දිගින් යුත් මෙම යුද නෞකාවේ ආපදාවට ලක් වූ පළාත්වල සවි කිරීම සඳහා තාවකාලික පාලම් 10ක් රැගෙනවිත් තිබෙන බවයි.

ඒවා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය වෙත භාරදීමට නියමිත බව නාවික හමුදා මාධ්‍ය ඒකකය වැඩිදුරටත් සඳහන් කළා. 

මෙම යුද නෞකාව මෙරට රැදී සිටින කාලසීමාව තුළ දෙරට අතර සුහදත්වය වැඩි දියුණු කිරීම වෙනුවෙන් සංවිධානය කර ඇති වැඩසටහන් සඳහා සහ දිවයිනේ වැදගත් ස්ථාන නැරඹීමට ප්‍රදේශ කිහිපයක සංචාරය කිරීමට ද නියමිතයි.

(colombotimes.lk)