06 February 2026

logo

ශ්‍රී ලාංකික ගුවන් මගියෙක් අත්අඩංගුවට



ශ්‍රී ලාංකික ගුවන් මගියෙක් අද (06) උදෑසන කටුනායක ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

ඒ රුපියල් හාර කෝටි හැට හතර ලක්ෂ විසි දහසක් වටිනා කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් මෙරටට රැගෙන විත් එම මත්ද්‍රව්‍ය කටුනායක ගුවන් තොටුපොළින් පිටකර යැවීමට උත්සහ කිරීමේදීයි. 

සැකකරු විසින් මෙම මත්ද්‍රව්‍ය තොගය තායිලන්තයේ බැංකොක් නුවරින් මිලදී ගෙන අබුඩාබි නුවර දක්වා රැගෙන විත් එතැන් සිට කටුනායක ගුවන්තොටුපොළ වෙත රැගෙන විත් තිබෙනවා.
 
ඔහු විසින් රැගෙන ආ ගමන් මල්ලෙහි මෙම කුෂ් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 04 ග්‍රෑම් 642ක ප්‍රමාණයක් තිබී ඇති අතර එය පැකට් 4ක් ලෙස සකස් කර ගමන් මල්ලෙහි සඟවා තිබූ බවයි වාර්තා වන්නේ. 

එලෙස අත්අඩංගුවට ගත් සැකකරු කොළඹ 13 ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක්.

මේ පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු සඳහා සැකකරු අද (06) මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර රඳවා ප්‍රශ්න කිරීමට නියමිතව තිබෙනවා.

(colombotimes.lk)