06 February 2026

logo

ජනපතිගෙන් සැර පිළිතුරක්



එළඹෙන 2027 වසරේ වැටුප් වැඩිවීමක් පැමිණෙන තුරු කිසිදු දීමනාවක් ඉහළ නොදමන බව ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රකාශ කළා.  

ඒ දිට්වා සුළි කුණාටුව හේතුවෙන් ඇතිවූ ආපදා තත්ත්වයෙන් ව්‍යසනයට පත් ජනතාව නැවත පදිංචි කරවීමේ මහනුවර දිස්ත්‍රික් වැඩසටහනට එක්වෙමින්.

එහිදී ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියේ 2025, 2026 වසරේ සහ 2027 රාජ්‍ය සේවක වැටුප් වැඩි කිරීම සඳහා රුපියල් 33,000ක් වැය කර ඇති බවයි.

ඒ අනුව 2027 වසරේ 03වන වැටුප් වර්ධකයෙන් පසු අයවැයට සිදුවන බලපෑම සම්බන්ධව අවධානය යොමු කරමින් අනෙක් දීමනා ගැන සළකා බලන බව ජනාධිපතිවරයා එහිදී සඳහන් කළා.

ඔහු වැඩිදුරටත් කියා සිටියේ කුමන උද්ඝෝෂණ සිදු කළද එළඹෙන වසරේ වැටුප් වැඩිවීම පැමිණෙන තෙක් කිසිදු දීමනාවක් වැඩි කිරීමට පියවර නොගන්නා බවයි. 

(colombotimes.lk)