06 February 2026

logo

දයාසිරිගේ නඩුවට දුන් නියෝගය



පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර ඉදිරිපත් කර තිබෙන නඩුවේ නියෝගය ප්‍රකාශ කිරීම මේ මස 17වනදා දක්වා කල් තැබීමට කොළඹ දිසා අධිකරණය අද (06) නියෝග කර තිබෙනවා. 

මෙම නියෝගය අද ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබුණු නමුත් නියෝගය ප්‍රකාශයට පත් කිරීම ලබන 17වනදා දක්වා කල් තබන බව දිසා අධිකරණය ප්‍රකාශ කර තිබෙන බවයි වාර්තා වන්නේ. 

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම්වරයා වශයෙන් තමන්ව පිළිගනිමින් දිසා අධිකරණය මඟින් මීට පෙර නියෝග නිකුත් කර තිබූ බව පැමිණිලිකාර දයාසිරි ජයසේකර සඳහන් කර තිබෙනවා.
 
එම නියෝගයට අනුකූලව තමන්ට එම ධූරයේ බාධාවකින් තොරව කටයුතු කිරීමට අවශ්‍ය නියෝග නිකුත් කරන්නැයි ඉල්ලා දයාසිරි ජයසේකර මෙම පැමිණිල්ල අධිකරණයට ඉදිරිපත් කර තිබෙන බවයි සඳහන් වන්නේ.

(colombotimes.lk)