2017 වසරේ සිට 2020 වසර දක්වා කාලසීමාව තුළ ආගමික ස්ථාන සහ විවිධ කටයුතු සඳහා මධ්‍යම සංස්කෘතික අරමුදල මඟින් මූල්‍ය සහාය ලබාදීමේදී සිදුවී තිබෙන අක්‍රමිකතා සම්බන්ධයෙන් පරීක්ෂා කිරීම සඳහා ත්‍රිපුද්ගල කමිටුවක් පත් කර තිබෙනවා.
මෙම කමිටුවේ සභාපති ධූරය විශ්‍රාමික මහාධිකරණ විනිසුරු ජී. එම්. ඩබ්ලිව්. ප්‍රදීප් ජයතිලක දරන බවයි වාර්තා වන්නේ.
2025 මැයි 17 වන දින පැවති මධ්‍යම සංස්කෘතික අරමුදලේ 223වන පාලක මණ්ඩල රැස්වීමේදී මෙම අක්‍රමිකතා සම්බන්ධයෙන් පරීක්ෂා කිරීමට කමිටුවක් පත් කිරීමට තීරණය කර තිබෙනවා.
ඒ අනුව, අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය විසින් ඉදිරිපත් කරන ලද මෙම යෝජනාව සඳහා කැබිනට් අනුමැතිය හිමි වී තිබෙන බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)